විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දු පාකිස්ථාන තරඟය පැවැත්වීමට නියමිත අයිසන්හවර් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කිරීමට අමෙරිකානු ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.
නිව්යෝක් ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ජුනි 09 වනදා පැවැත්වීමට ඉන්දු – පාකිස්ථාන තරඟයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා හේතුවෙනි.
මෙවර විස්සයි විස්ස තරඟාවලියේ දී මෙම ක්‍රීඩාංගණයේ ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලියට අදාළව තරඟ 8ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම තර්ජන සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තහවුරු කිරීම් නොමැති නමුත් ක්‍රීඩකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තම ප්‍රමුඛ වගකීමක් බව නිව්යෝක් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
Leave a Reply