මැතිවරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක් ගත වූ දිනවල පවත්වා ඇති බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මින් එක සාකච්ඡාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක අවස්ථා දෙකකදී පවත්වා ඇති බවයි.
මෙහිදී හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වූ ආකාරයට වත්මන් ආණ්ඩුවටත් කටයුතු කළ හැකි ද යන්න පිළිබඳව එම සාකච්ඡාවේ දී නීති විශාරදයින්ගෙන් විමසා තිබෙනවා.
කෙසේ නමුත් මෙම කටයුතු සඳහා අධිකරණ බාධා පවතිනවා නම් ඊට ගත යුතු විකල්ප සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව සඳහන්.
ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා අවස්ථා දෙකක් හිමිවන බවත් ජනාධිපතිවරයා රටේ යම් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්ණයක් යොමු කර ජනමතයක් විමසිය හැකි බවත් නීති විශාරදයින්ගේ මතය වී තිබෙනවා.
තවද පාර්ලිමේන්තු පණතක් හරහා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගතහොත් ජනමත විචාරණයකට ගමන් කළ හැකි බවද එම නීති විශාරදයින්ගේ මතය වී ඇති බව සඳහන්.
දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එළඹෙන ජුලි මසදී ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ සැලැස්මක් පවතින බවයි.
Leave a Reply