Loading...

කටින් කිරිකට් ගැසූ සිංහ පුතුන්ට හිස් අතින්ම වෙන ලකුණු?

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතව තීබූ තරඟය වර්ෂාව හේතුවෙන් කිසිඳු පන්දුවාරයක් ක්‍රියාත්මක නොකර අතහැර දීමට විනිසුරුවන් තීරණය කළා.

ෆ්ලොරිඩාහි Lauderhill හී දී පැවැති මෙම තරඟය අද (12) මෙරට වේලාවෙන් පෙරවරු 5ට ආරම්භ වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් දිනය පුරා එම ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇද හැලීම හේතුවෙන් තරඟය පැවැත්වීමට තරම් සුදුසු තත්ත්වයක ක්‍රීඩාංගණය පැවැතුනේ නැහැ.

මේ අනුව මෙරට වේලාවෙන් උදෑසන 6ට පමණ විනිසුරුවන් තීරණය කළේ තරඟය සම්පුර්ණයෙන්ම අත්හැර දැමීමටයි.

තරඟය අතහැර දැමීම සමඟ කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැඟින් හිමිවුණා.

මෙම තරඟයේ ප්‍රතිඵලය සමඟ දකුණු අප්‍රිකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගනු ලැබුවා.

මේ අතර සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද (12) තරඟය ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම ජය ගැනීම අනිවාර්ය වී තිබුණා.

මෙම ප්‍රතිඵලය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 8 වටයට පිවිසීමේ අවස්ථා සීමිතව තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා තරඟාවලියෙන් ඉවත් වී නැහැ.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි වටයට සුදුසුකම් ලැබීමට නම් ආශ්චර්යක්කම සිදු විය යුතු වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *