ඉරාන රාජ්‍ය ගුවන් විදුලියට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ දකුණු වරාය නගරය තුළ පිහිටි අදාළ ගුවන් විදුලි නාලිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙක් තුවාල ඇති බවයි.
මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ ඉරානය වෙත එල්ල වූ ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරවලින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් සංවිධානයක් පවසනවා.
තවද ඉරානය වෙත ප්‍රහාර එල්ල වීම ආරම්භ වී මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1400කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.
ඒ අතර දරුවන් 214 දෙනෙක් සිටින බවද තොරතුරු වාර්තා වනවා.
හෝමුස් අර්බුදය හමුවේ සෞදි අරාබියෙන් ආසියානු කලාපයට ලබාදෙන තෙල් සැපයුම සීමා වෙයි
ලොව විශාලතම බොරතෙල් අපනයනකරු වන සෞදි ඇරම්කෝ සමාගම අප්‍රේල් මාසය සඳහා ආසියානු ගැනුම්කරුවන්ට ලබාදෙන බොරතෙල් සැපයුමකරුවන්ට ලබාදෙන බොරතෙල් සැපයුම කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙලෙස අඛණ්ඩව දෙවන මසටත් සැපයුම් සීමා කර ඇත්තේ මැදපෙරදිග යුද උණුසුම හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළෙඳ කටයුතුවලට බාධා එල්ල වීමත් සමඟයි.
මෙම තීරණය සමඟ ආසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වෙත ලැබෙන බොරතෙල් ප්‍රමාණය සීමා වන අතර ඉන් පිරිපහදු කළ නිෂ්පාදන කරන පෙට්‍රල් ඩීසල් වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව ද පහත වැටෙනු ඇති.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම සැපයුම් අඩුවීම ඉදිරි මාසවලදී ආසියානු කලාපයේ බලශක්ති මිල ගණන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කර ඇති බවයි.
ඉරානයට එරෙහි අමෙරිකානු තර්ජනවලට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉරානයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සිදු කරන තර්ජන මඟින් ඔවුන්ගේ අසරණභාවය මනාව පිළිඹිමු වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ සිය X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
ලෝක සිතියමෙන් ඉරානය මකා දැමිය හැකි යන මිත්‍යාවක් බවත් ඉතිහාසය නිර්මාණය කළ ජාතිකයක අභිමතය හමුවේ ඔවුන්ගේ අසරණභාවය පිළිඹිබු කරන බවත් ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ එල්ල වන තර්ජන සහ භිෂණය හමුවේ ඉරාන ජනතාව තවදුරටත් එක්සත් වන බවයි.







Leave a Reply