Loading...

සරණට කොළඹ මහාධිකරණයෙන් වසර 16ක සිරදඬුවමක්

දූෂණ චෝදනා සම්බන්ධව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතා එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර 4 බැගින් කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කළා.

තවද එම නඩුව සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18ක දඩයක් ද අධිකරණය විසින් නියම කර තිබෙනවා.0

මෙම තීන්දුව ලබාදුන්නේ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසිනි.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන 3ක් කුලී පදනම මත ලබා ගැනීමේ දී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධව අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුව හතර ගොනු කරන තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා පවසා ඇත්තේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබූ දූෂණ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙන බවයි.

රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ රටේ ආර්ථිකය කෙරෙහි ද අගතිදායකව සිදුවන බවත් ආර්ථික බංකොලොත් වීමක් කෙරෙහි මෙවැනි ක්‍රියා බලපෑ බවද නඩු තීන්දුවේ සඳහන් වුණා.

විනිසුරුවරයා පවසා ඇත්තේ රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි දූෂිත ක්‍රියා එම ආයතන කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවයි.

මෙම විත්තිකරුට දඬුවම් නියම කිරීමේ දී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වන වගන්තිය යටතේ ලහිල්ව කටයුතු කරන ලෙස විත්තිය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ නමුත් මෙම වරදේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේ දී රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණය අධෛර්යමත් කිරීමට හේතුවන ආකාරයේ දඬුවමක් ලබාදීමට අධිකරණයට සිදුවන බවද විනිසුරුවරයා ප්‍රකාශ කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *