Loading...

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරී ධුරයට සංගාගේ නමත් යෝජනා වෙයි

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මැතිව් මොට් එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

2022 වසරේ මැයි මසදී වසර 4ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කරමින් එංගලන්ත එක්දින පුහුණුකරු තනතුරු භාර ගනු ලැබුවා.

ඕවර 50 තරඟවලදී එංගලන්ත කණ්ඩායම අසාර්ථක වීම ඔහුගේ ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුවක්ව ඇති බවයි වාර්තා වන්නේ.

විස්සයි විස්ස තරඟ 3කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 5කට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සැප්තැම්බර් මසදී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු තරගාවලිය සඳහා වැඩබලන පුහුණුකරු ලෙස මාකස් ත්‍රෙස්කොතික් පත් කිරීමට නියමිත බව සඳහන්.

එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පවසන්නේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වෙනුවෙන් පුර්ණ කාලීන පුහුණුකරුවෙක් සොයා ගැනීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකා සුපිරි පිතිකරු හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාගේ නම ද යෝජනා වී ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *