රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධාන සුරේෂ් සලේ මහතා හදිසියේ රෝගී වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටිනවා.
කෙසේ වෙතත් ඔහුගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා තිබුණ ද ඊට අනුමැතිය හිමිව නොමැති බව වාර්තා වනවා.
ඊයේ (24) දිනයේ දී සලේ මහතාව රෝහල් ගත කර තිබෙනවා.
ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව දැනුම් දීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් පරික්ෂා කර ඇති අතර පසුව වෛද්‍යවරයෙකු හමුවට යොමු කර තිබෙනවා.
මෙහිදී වෛද්‍ය උපදෙස් අනුව ඔහුව ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.








Leave a Reply