Loading...

රාජ්‍ය සේවකයන්ට යළිත් වැටුප් වැඩීමක්?

2024 අයවැය මඟින් පොරොන්දු වූ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රුපියල් 10000ක වැටුප් වර්ධකය අප්‍රේල් මස වැටුපට එකතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ එම මුදල අප්‍රේල් 10 වනදාට පෙර ගෙවන බවයි.

තවද අඩු ආදායම්ලාභීන්ට සහනයක් ලෙසත්, ගොවීන්ට වී සඳහා ලබාදෙනු මුදල ඉහළ නැංවීමට මඟ පෙන්වීමත් අරමුණු කරගෙන සිදු කරන වැඩපිළිවෙල අනුව අප්‍රේල් මාසයේ ලබාදෙන සහල් කිලෝ 10ක ප්‍රමාණය එම මස 10 වන දිනට පෙර ලබාදීමටත් සුදානම් බවද අමාත්‍යවරයා කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විශ්‍රාමිකයින් සඳහා වැඩිකළ රු.2500ක මුදල ද අප්‍රේල් මස සිට ලබාදෙන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *