සමඟි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම සහ සක්වල ප්‍රජා සත්කාරක වැඩසටහන් නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
මේ අනුව එම වැඩසටහන් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවයි සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ.
ඒ මහතා සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක හුස්ම සහ සක්වල වැඩසටහන් නවතා දමන බවයි.
කෙසේ වෙතත් රජයේ මුදල් අවභාවිතා කරමින් නිවාස ඔප්පු සහ ඉඩම් බෙදා දීම, ශිෂ්‍යත්ව වැඩසටහන්, ආගමික වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක බවද ඔහු පෙන්වා දෙනවා.
මේ අතර මැතිවරණ කාලසීමාවක රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු නියැලීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වීම හේතුවෙන් මැතිවරණ නීතිය සැමට සමානව බලාත්මක කරමින් එම කටයුතු නතර කරන මෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් සමඟි ජන බලවේගය විසින් භාර දී තිබෙනවා.
Leave a Reply