Loading...

සාගරිකා අද සිට නැවත ධාවනයට

පසුගිය සිකුරාදා පීලි පැනීමට ලක්වූ සාගරිකා දුම්රිය අද (27) සිට නැවත ධාවනය සඳහා එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා කියා සිටියේ අදාළ දුම්රිය අද (27) සිට නැවත සාමාන්‍ය පරිදි ධාවනයට එක්කරන බවයි.

පසුගිය 24 වනදා බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේ දී පීලි පැනීමට ලක් වුණා.

එහිදී දුම්රියේ මැදිරි 13න් 11ක් පීලි පැනීමට ලක්වුණා.

තවද පීලි පැනීමට ලක්වූ සාගරිකා දුම්රියේ ගමන් කළ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු දුම්රිය ධාවන කටයුතුවලින් තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන අවසන් වන තෙක් ඔවුන් දුම්රිය ධාවන කටයුතු සඳහා සහභාගී කර නොගැනීමට තීරණය කර ඇති බව සඳහන්.

මේ අනුව අදාළ දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයා මෙලෙස දුම්රිය ධාවන කටයුතු සඳහා සහභාගී කර නොගැනීමට තීරණය කර ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *