හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ ආරක්ෂක පියවරයන් දිරිමත් ඉදිරිපත් කරමින් කළ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී පරාජයට පත්ව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී රුසියාව සහ චීනය සිය නිෂේධ බලය භාවිතා කරමින් ඊට විරුද්ධ වී ඇති බව සඳහන්.
බහර්නයේ විදේශ අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලතීෆ් බින් රෂීඩ් අල් සයානිගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම තීරණාත්මක රැස්වීම පවත්වා තිබුණා.
ඒ සඳහා රටවල් 11ක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙනු ලැබුවා.
මෙම යෝජනාව සඳහා පකිස්ථානය සහ කොලොම්බියාව ඡන්දය දීමෙන් වැළකී සිටි බවද වාර්තා වනවා.
සති ගණනාවක සාකච්ඡාවලින් අනතුරුව මුලින් හමුදා බලය භාවිතා කිරීමට අවසර ලබාදුන් දැඩි කොන්දේසි සහිත යෝජනාවලිය ක්‍රමයෙන් ලිහිල් කර අවසානයේ ආරක්ෂක පියවරයන් දිරිමත් කරන මට්ටමට වෙනස් කර තිබුණා.








Leave a Reply