Loading...

ලොවම කතා කරන රුමේෂ් බ්‍රසල්ස් ගමන තහවුරු කරයි

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ සුපිරි ක්‍රීඩක රූමේෂ් තරංග, 2026 ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

එම අවසන් තරගය සැප්තැම්බර් මස බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීමට නියමිතයි.

23 හැවිරිදි රූමේෂ් මේ වසරේ ඩයමන්ඩ් ලීග් පිටියේ විශිෂ්ට දස්කම් රැසක් දැක්වූ අතර, රෝමයේ පැවති තරගයේදී මීටර් 92.62ක දැවැන්ත විසිකිරීමක් වාර්තා කරමින් ජයග්‍රහණය කළා.

එය ඔහුගේ පෞද්ගලික හොඳම දස්කම මෙන්ම ලෝක වාර්ෂික ප්‍රමුඛතම දුරක් ලෙසද සටහන් වුණා.

තවද දෝහා ඩයමන්ඩ් ලීග් තරගයේදීද මීටර් 88.68ක දුරක් වාර්තා කරමින් ප්‍රබල ක්‍රීඩකයින් රැසක් අභිබවා ශූරතාව දිනා ගැනීමට රූමේෂ් සමත් වුණා.

මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ තරග දෙකක ජයග්‍රහණ හිමිකරගත් රූමේෂ්, ලෝක හෙල්ල විසිකිරීමේ ක්ෂේත්‍රයේ ඉහළම ක්‍රීඩකයින් අතර තම ස්ථානය මේ වන විට තහවුරු කරගෙන ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *