Loading...

මාර්ග සංවර්ධන අධිකාරිය වාහන 658ක් ගැන තොරතුරක් නෑ

මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658ක් ගැන තොරතුරු නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව තොරතුරු අනාවරණය වුණා.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (18) රැස්වූ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය වුණා.

මාර්ග අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සමහර වාහන අපරාධවලට යොදා ගෙන ඇති බවටද හඳුනාගෙන ඇති බවයි විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා සඳහන් කළේ.

තවද මේ වාහන කොහේ දැයි නිශ්චිතව හඳුනාගෙන ඇති බවද විගණකාධිපතිවරයා මෙහිදී විමසා සිටියා.

ඇතැම් වාහන මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇතත් ඒවා එම අධිකාරියේ නොමැති බව පැවසු විගණකාධිපතිවරයා ආයතනයේ වාහන කොටසක් වෙනත් පුද්ගලයන්ගේ නම්වලට ලියාපදිංචි කර ඇති බවද ප්‍රකාශ කළා.

ඔහුව මෙහිදී පෙන්වා දුන්නේ වාහන සම්බන්ධයෙන් මේ ආයතනයේ පාලනයක් තිබී නැති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ද උනන්දු වී නැති බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *