මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධව ඒ මහතාව අත්අඩංගුවට ගත් බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන අංශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ඔහුව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.








Leave a Reply