මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ කමල් අමරසිංහ මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයක් මතයි.
කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් පිළිබඳව ඒ මහතා ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.








Leave a Reply