රුපියල් 50,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොනරාගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
අදාළ පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත්තේ ටෙන්ඩර් ක්‍රමයට ලබාදී ඇති ගවමස් වෙළඳසැල සහ පොදු වැසිකිළිය නිසි පරිදි පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් නඩු නොදා සහන කාලයක් ලබාදීමට සහ වාරික මුදල් ගෙවීමට අවස්ථාව ලබාදීම සඳහා ඉල්ලා ඇති බවයි.
සැකකරු මුලින් රුපියල් 10,000ක් ලබාගෙන ඉතිරි මුදලින් රුපියල් 50,000ක් ලබාගැනීමට උත්සාහ කරන අවස්ථාවේ, ඊයේ (29) පෙරවරු 8.55ට පමණ මොනරාගල බස් නැවතුම්පල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.








Leave a Reply