Loading...

ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කරන යෝජනාව සෙනට් මණ්ඩලයේ දී පරාජය වෙයි

ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධව අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කොංග්‍රස් අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ග නවතා දමන ලෙස අදාළ යෝජනා ඉදිරිපත්ව තිබූ බවයි.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 47කින් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 53ක් හිමිවීම හේතුවෙන් එය පරාජයට පත්ව තිබෙනවා.

අදාළ යෝජනාව පරාජයට පත්වීම සමඟ ඊශ්‍රායලය විඉස්න් ඉරානයේ ටෙහෙරාන් නගරය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *