ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදු වුයේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබා ගැනීම හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ගාල්ල කරන්දෙනිය ප්‍රදේශයේ අද (17) පැවති රැස්වීමක් අමතමින්.
ඔහු මෙහිදී කියා සිටියේ තමා ඉවත් නොවී දිගටම සිටියා නම් මීළඟ මැතිවරණය සඳහා ඡන්දය ඉල්ලීමට නොහැකි බවයි.
ඒ හේතුවෙන් තමා ගැන සිතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ගැන සිතා මෙම තීරණය ගත් බවද ඒ මහතා සඳහන් කරනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමාගෙන් පසුව එම සභාපති ධුරයට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේ ආණ්ඩුවට ගොස් සිටින අනෙක් පුද්ගලයින් අතර සුදුසු පුද්ගලයෙක් නොසිටි නිසා බවයි.
Leave a Reply