ඊශ්‍රායලය ලෙබනනයේ බේරුට් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද (04) අලුයම ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් සිදුවූ බලපෑම පිළිබඳව නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ.
මේ අතර ගෙවී ගිය සතියක කාලය තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 12කට වැඩි පිරිසක් අවතැන්ව තිබෙනවා.
ඉන් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් තිබු බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊශ්‍රායලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බව ඉරාන ජනපති මසුඩ් පෙසෙෂ්-කියන් පවසනවා.
ඔහු සඳහන් කළේ ඕනෑම ආකාරයක මිලිටරි ප්‍රහාරයකට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට ඉරාන සන්නද්ධ හමුදාවන් විසින් සුදුසු පරිදි ප්‍රතිචාර දක්වන බවයි.
ඉරානය වන්දි ගෙවනු ඇති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ලබාදුන් ප්‍රතිඥාවකට පිළිතුරු දෙමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.







Leave a Reply