Loading...

ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න සුදානම්

ඕනෑම අයෙක් සමඟ තමා සාකච්ඡා කිරීමට සුදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදීයි.

එහිදී එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කරන්නේ දැයි මාධ්‍යවේදීන් විසින් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාදැයි යන්න සම්බන්ධව සමාජයේ පවතින ප්‍රශ්ණය එලෙසම තිබෙන්නට ඉඩ හරින බවයි.

තවද ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියේ දී සාර්ථක ඇති බවත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසන අන්දමට අතිවිශාල ණය කපා හැරීමක් බලාපොරොත්තු විය නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම වසර තුළ වැටුප් වැඩි නොකරන බවට දැනුම්දී ඇති බවත් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඡන්දයක් පැවැත්වීමට නියමිත මොහොතක වෘත්තීය සමිති වැඩවර්ජනයවල නිරතව සිටින බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *