Loading...

ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න සුදානම් – නේපාල නායකයා කියයි

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කරනු ලබන තීරණාත්මක තරඟයක් හෙට (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නේපාල කණ්ඩායම සමඟ මෙම තරඟය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට මුහුණ දුන් තරඟ දෙකම පරාජය වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වීමේ දැඩි අවධානම ලක්ව සිටිනවා.

ඒ අනුව තරඟාවලිය සම්බන්ධව යම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් හෙට (12) තරඟය හොඳ දළ ලකුණු වේගයක් සහිතව ජයග්‍රහණය කළ යුතුයි.

මේ අතර හෙට (12) පැවැත්වෙන තරඟය සම්බන්ධයෙන් නේපාල කණ්ඩායමේ නායක Rohit Paudel අද (11) පැවැති මාධ්‍ය හමුවක මෙලෙස අදහස් දැක්වුවා.

“ඔබ බැලුවොත් මේ ලෝක කුසලානය දිහා ඔබට පේනවා ටෙස්ට් වරම් දිනා නැති රටවල් ටෙස්ට් රටවල් පරාජයට පත් කරනවා. ඉතිං විශේෂයෙන්ම හෙට තරගයට යන්න අපි හැමෝටම ඒක දිරි ගැන්වීමක් ලබා දෙනවා. ඒ නිසා කණ්ඩායමක් විදියට අපි විශ්වාස කරනවා අපි හෙට දිනනවා කියලා.”

“පහුගිය මාස දෙකේ අපි සූදානම් ​​වුණු විදිහ සහ පසුගිය අවුරුදු එකහමාරේ දී අපි ක්‍රිකට් ක්‍රීඩා කළ විදිහ අනුව මම හිතන්නේ කණ්ඩායම තුළ විශ්වාසය සැමවිටම පවතිනවා. අපි හෙට තරඟය ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා.

අපිට හෙට ගිහින් අපේ දක්ෂතා ලෝකය ඉදිරියේ පෙන්වන්න අවශ්‍යයි

අපි තණතීරු තත්ත්වයන්ට ගරු කරමින් අපේ දක්ෂතා ඉදිරිපත් කළොත් ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්. කණ්ඩායම එය විශ්වාස කරනවා. හෙට දවස ගැන අපිට ගොඩක් විශ්වාසයි.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *