මැයි 20ට පෙර සමඟි ජන බලවේගය ලබා දෙන ඕනෑම දිනක විවාදයට සුදානම් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජනබල වේගයේ මාතර මැයි රැළියට එක්වෙමින්.
තවද අදවන විට සෙසු සියළු පක්ෂ වෙනදාට වඩා මාලිමාව දෙස බලා දෙසමින් බවද ඔහු මෙහිදී සඳහන් කළා.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් සිය පක්ෂයට ඇති අභියෝගය ද දැන් වැඩි වී ඇති බවයි.
සිය පක්ෂය පිළිබඳව විශ්වාසයෙන් සිටින ජනතාවගේ එම විශ්වාසය ගිලිහී යාමට ඉඩ නොදී ජයග්‍රහණය දක්වා ගමන් කිරීමේ අභියෝගය තම පක්ෂයට පැමිණ ඇති බවද මෙම රැලියේ දී වැඩිදුරටත් පෙන්වා දුන්නා.
Leave a Reply