ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති තනතුර ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කළ හැකි බව සමඟි ජන බලවේගය පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මේ බව සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමඟි ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්නොවන බවයි.
Leave a Reply