එළඹෙන ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) ගාල්ලේ පැවැති “එක්ව ජය ගමු – අපි ගාල්ල” ජන හමුව අමතමිනි.
මේ වන විට තමා ජනාධිපතිවරණයට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවද ඔහු මෙහිදී කියා සිටියා.
තමා කිසිඳු මොහොතක අභියෝගය හමුවේ පැන නොගිය බව පැවසු ජනාධිපතිවරයා කතා කරමින් නොසිට වගකීම ඉටු කිරීම තම දේශපාලන පුරුද්ද බවත් රට ඉදිරියට ගෙන යාමට ජනතාවට දුන් පොරොන්දුවද ඒ අයුරින්ම ඉටු කරන බවත් අවධාරණය කළා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයෙන් යුතු වත්මන් වැඩපිළිවෙල අනුව ඉදිරියට ගමන් කළ යුතු බව ජනාධිපතිවරයා මෙම ජනහමුවේදී පෙන්වා දුන්නා.
ඔවුන් සමඟ එකඟ වී ඇති රාමුවෙන් බැහැරව කටයුතු කරන බව යම් අයෙක් පවසනවා නම් එම පුද්ගලයින් රට අවදානමේ හෙළන අසත්‍යයක් බවද ඔහු මෙහිදී සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස බවත් තම අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට දිනවීම බවත්ය.








Leave a Reply