Loading...

රනිල් දළදා සමිඳුගේ ආශීර්වාද ලබාගනී

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාම යෝජනා භාර දීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශීර්වාදය ලබා ගනු ලැබුවා.

ඉන් අනතුරුව මහනුවර අස්ගිරි සහ මල්වතු මහා විහාර වෙතද ගිය ජනාධිපතිවරයා, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක හිමි සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක හිමි බැහැදැක ආශිර්වාද ලබාගත් අතර පසුව කෙටි පිළිසඳරක ද නිරත වී ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *