එළඹෙන ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය අතහැර පොදු ලකුණකින් තරඟ වැදීමට නියමිත බව වාර්තා වනවා.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සියළු පාර්ශවයන් ඒකාබද්ධ කරගත් පොදු අපේක්ෂකයා ලෙස පොදු ලංඡනයකින් වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් වුවද මහ මැතිවරණයේ දී අලියා ලාංඡනයෙන් එක්සත් ජාතික පක්ෂය ලෙස තරඟ වැදීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියළු පාර්ශවයන්ට ජනාධිපතිවරණයේ දී එක්වීමට හැකිවන පරිදි පොදු ලාංඡනයක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතා තරඟ කිරීමට තීරණය ඇති බව සඳහන්.
මේ අතර මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසුව සමඟි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටින බවද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ඊට අමතර උතුරේ සහ කඳුකරයේ ද්‍රවිඩ පක්ෂ ද්‍රවිඩ කණ්ඩායම්, දකුණේ ප්‍රබල දේශපාලන චරිත ගණනාවක් වත්මන් ජනාධිපතිවරයා සමඟ ද එක්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නේ අලියා ලකුණ අතහැරීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ සෙසු නිලධාරීන්ට එක් මතකයට පැමිණීමට තවමත් නොහැකි වී ඇති බවයි.
Leave a Reply