Loading...

දුම්රිය වර්ජනය අඛණ්ඩව

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසනවා.

පසුගිය 09 වන මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේ (10) දිනය තුල දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කරනු ලැබුවා.

ඒ හේතුවෙන් දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීම හේතුවෙන් මඟීන් දැඩි දුෂ්කරතාවකට පත්වුණා.

මේ අතර වැඩබලන දුම්රිය සාමාන්‍යධිකාරී එස්. එස්. මුදලිගේ මහතා කියා සිටියේ වර්ජනය ක්‍රියාත්මක වුවද ඊයේ (10) දිනයේ දී දුම්රිය ගමන්වාර 70ක් පමණ ධාවනය කිරීමට කටයුතු කළ බවයි.

මීට අමතරව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ද මඟීන්ගේ අවශ්‍යතාව අනුව ධාවනය සඳහ යොදවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *