ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණය කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වන ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තා කිරීම්, සෙසු වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙහිදී දැනුවත් කර තිබෙනවා.
මෙම මාධ්‍ය උපමාන බලාත්මක කිරීම හා නිර්දේශ ලබාදීම සඳහා නියෝජිත කමිටුවක් පත් කිරීමට නියමිත බවද සඳහන්.
විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකයින් සඳහා වන මාධ්‍ය උපමාන මෙන්ම මුද්‍රිත මාධ්‍ය සඳහා ද වෙන් වෙන් වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත්කර තිබෙනවා.
Leave a Reply