ජර්මනියේ ප්‍රධාන පෙලේ වෘත්තීය සමිතියක් වන Verdi සමිතිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එරට පොදු බස් රථ සහ ට්‍රෑම් රථ සේවකයින් දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් මෙම වර්ජනය දියත් කර ඇත්තේ සේවා කොන්දේසි වැඩි දියුණු කිරීම, රාත්‍රී සේවා හා සති අන්ත සේවා සඳහා වන දීමනා, වැඩ කරන පැය ගණන අඩු කිරීම, වැටුප් වැඩි කිරීමට රජයට බලපෑම් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම වර්ජනය සමඟ ජර්මනියේ බොහෝ නගරවල දෛනික ගමනාගමන කටයුතු ඇනහිට තිබෙනවා.
බර්ලින් සහ හැම්බර්ග් වැනි ප්‍රධාන නගර ඇතුළුව ජර්මනිය පුරා විසිරී ඇති පොදු ප්‍රවාහන සමාගම් 150කට අධික ගණනක් සේවකයින් 100000ක් පමණ මෙම වර්ජනයට එක්ව සිටිනවා.








Leave a Reply