Loading...

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද සිට ඇරඹේ

2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පවසන්නේ මාර්තු මස 18 වනදා දක්වා ඒ සඳහා විදුලි පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වන බවයි.

ඒ අනුව වාචික අදහස් ඉදිරිපත් කිරීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි ස්ථාන 5කදී අවස්ථාව හිමි වෙනවා.

මෙහි පළමු වැන්න අම්පාරේ දී මාර්තු 7 වනදා පැවැත්වෙනවා.

ඉන්පසුව වව්නියාවේ දී මාර්තු 11 වනදා, මාතලේ දිස්ත්‍රික්කයේ දී මාර්තු 12 වනදා, හම්බන්තොට දී මාර්තු 16 සහ අවසාන වාචික උපදේශනය මාර්තු 18 වනදා පැවැත්වීමට නියමිතයි.

ඉන්පසුව යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන කොමිෂන් සභාවේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *