Loading...

විශේෂ විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබා ගැනීම අද

2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වෙනවා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ පෙරවරු 08.30 සිට පස්වරු 3 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සම්බන්ධව වාචික අදහස් ලබා ගැනීම සිදු කරන බවයි.

2026 වසරේ දෙවන සහ තුන්වන කාර්තු සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමගාම විසින් යෝජිත අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මෙලෙස මහජන උපදේශනය ලබා ගැනීමට කොමිසම තීරණය කර තිබුණා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර සඳහන් කළේ සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *