Loading...

ජනපති ඔක්තෝබර් සියලු ජනවර්ගවලට එකට සමරන්න විශේෂ දිනයක් නම් කිරීමට යයි

මෙරට සියලු ජනවර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් නම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

යාපනයේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා වැල්වෙටිතුරෙයි හි අද (31) පැවති රැස්වීමක් අමතමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ එම විශේෂ දිනය ඔක්තෝබර් මසට අදාළව නම් කරන බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“දෙමළ, සිංහල, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් අපි ඔක්කොම එකතුවෙලා සමරන දිනයක් ඕන නැද්ද?.

අපි සැලසුම්කරලා තියෙනවා ඔක්තෝබර් මාසයේ මේ සියලු ජනප්‍රජාවන්ගේ සංස්කෘතීන්, ආහාර රටා, ජීවන රටා…ඒ වගේම අඳින පළදින රටා, සංගීතය මේ ඔක්කොම එකතුකරලා ජාතියේ මහා මංගල්‍යයක් පවත්වන්න.

අපි ඈත්වෙලා හිටියට අපේ දරුවන්ට ඈත්වෙලා ඉන්න දෙන්න හොඳ නෑ. අපේ පරම්පරාව යුද්ධ කරගත්තට අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නෑ.

උතුර, දකුණ, නැගෙනහිර සියලු ජන දරුවන් එකට එකතුවෙන රාජ්‍යක් බවට අපි මේ රාජ්‍ය පත්කරනවා”.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *