Loading...

ජනපති අනුර ඉන්දියාවේ දී රටවල් කිහිපයක නායකයන් හමුවෙයි

නවදිල්ලි නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් හමුවී ද්වී පාර්ශවික සාකච්ඡා සිදුකර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ඊයේ (19) පස්වරුවේ මෙම ද්වී පාර්ශවික සාකච්ඡා පැවැති බවයි.

මේ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) පස්වරුවේ බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වා, භූතානයේ අගමැති Tshering Tobgay යන මහත්වරුන් හමුවී ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වනවා.

තවද අබුඩාබියේ ඔටුන්න හිමි කරු වන Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan හමුවී ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *