Loading...

ලංකාවට එවූ ඉන්ධන නෞකාවට ජනපති අනුරගෙන් ඉන්දියාවට ස්තුතිය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා සිදුවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට පැමිණි ඉන්ධන නෞකාව සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්‌තුතිය පළකර තිබෙනවා.

ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ඉන්ධන සැපයුම් බාධා පිළිබඳව දින කිහිපයකට පෙර තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ කිරීමෙන් පසුව ඉන්දියාවේ කඩිනම් සහයෝගයට තමන් වෙත හිමි වූ බවත් ජනාධිපතිවරයා සිය සටහනෙන් පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (28) මෙරටට ඉන්ධන මෙට්‍රික් ටොන් 38000ක නෞකාව පැමිණ ඇති අතර ඒ සම්බන්ධව තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාට සිය ස්තූතිය පලකරන බවයි.

ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැති දුරකථන සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඩීසල් මෙට්‍රික් ටොන් 20000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18000ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා පැවසුවා.

මේ අනුව මීට අදාළ ඉන්ධන නෞකාව ඊයේ (28) දිනයේ මෙරටට පැමිණියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *