Loading...

ජනපති අනුර විහාර හා දේවාලගම් පනතට අත තියයි

මහනායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින් 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී රාජ්‍ය වෙසක් උත්සවයට අද (27) පස්වරුවේ එක්වෙමින්.

භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටළු සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ධර්මාධිකරණයක් නැවත පිහිටුවීම සඳහා මෙම පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

“අපේ සෝභිත මාහිමිපාණන් වහන්සේ මගෙන් ඉල්ලා සිටියා, යමක් නැසෙන්න, ඒ තුළින්ම උපදවිය හැකි අනතුරක් තිබෙන බව. උන්වහන්සේ ඒක තිබෙන බව දැක්කා. දැකලා මගෙන් ඉල්ලුවේ මොකක්ද? 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතේ එහි 41 සහ 42 වගන්තිය සංශෝධනය කරන්න කියලා. නැවත ධර්ම අධිකරණය සඳහා තමන්ගේ හාමුදුරුවන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබාදෙන්න කියලා. විශේෂයෙන්ම මේක අපෙත් ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේලා විසිනුත් මා වෙත ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා නැවත මෙම 41 සහ 42 වගන්ති සංශෝධනය කරලා දෙන්න කියලා.

අපේ කැබිනට් මණ්ඩලයේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම සඳහා අපේ ඇමතිතුමා විසින් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරා. කැබිනට් මණ්ඩලය එකඟතාවය පළ කළා. ඒ අනුව සංශෝධනය සකස් කරා. සාමාන්‍යයෙන් අපි ඕනෑම පනතකට, ව්‍යවස්ථාවකට ගෙන එන සංශෝධනයක්, අපේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතියට ලක්විය යුතුයි. මොකද ඔවුන් තමයි බලන්නේ මේ නීතිය පැනවීම, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවාද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා.

මේ නීතිය පැනවීම අපේ මූලික නීතීන් එක්ක ගැටෙනවාද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යම් යම් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා. පසුගියදා අපේ අස්ගිරි මල්වතු සියම් නිකායේ පාර්ශවයන් වගේම, රාමඤ්ඤ මහා නිකායත්, අමරපුර මහා නිකායේ ලේඛාධිකාරී හාමුදුරුවන් වහන්සේලා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමත් සමග නීතිපතිතුමා සමඟ සාකච්ඡා පවත්වන්න මම යොදලා දුන්නා. ඒ නීතිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අපේ හාමුදුරුවන් වහන්සේලා මට කිව්වා ඉතාම සුහදව පැවතුනු බවත්, අපි අවසන් එකඟතාවයකට එළඹීමට හැකියාව ලැබුණු බවත්.

ඒ නිසා අපෙත් ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේලාගේ නියෝජනයත් නීතිපතිතුමත් එක්ක කරන ලද සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා. අපි දැන් ඒක අවසන් අදියරේ තිබෙන්නේ. අපි ඉතා ඉක්මනින්ම ඔබ වහන්සේලාට සංඝ සංස්ථාව විශේෂයෙන්ම විනයධරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන නීති සම්පාදනය කරලා දෙන්නම්.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *