Loading...

අයිස් ප්‍රවාහනය කරමින් තිබුණු ලොරි රථයක් පොලිස් අත්අඩංගුවට

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයේ තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

එම ලොරි රථයේ තිබී ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය නිශ්චිතව මෙතෙක් ගණනය කර නැහැ.

එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 200 ද ඉක්මවා යා හැකි බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 4ක් ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මෙම ලොරි රථය ධාවනය කරමින් තිබියදී පොලීසිය අද (22) පෙරවරුවේ පරික්ෂා කර ඇති අතර එහිදී මෙම අයිස් සහ හොරොයින් කිලෝ 200 සහ ගිනි අවි 4ක් සොයා ගැනීමට සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *