Loading...

ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය පුවතට පොලීසියෙන් පිළිතුරු

කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සුදානම් වූ බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කරන්නේ එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු මෙහිදී පැවසුවා.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *