බොරැල්ල, වේළුවන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ ත්‍රිරෝද රථය කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ සිටම මෙලෙස පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවයි.
වෙඩි තැබීමෙන් අනතුරුව අදාළ ත්‍රිරෝද රථය පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ වන විටත් එහි පුද්ගලයින් 5 දෙනෙකු සිට ඇත. එමෙන්ම රථය තුළ තිබී කඩු 3ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.







Leave a Reply