Loading...

අත්අඩංගුවේ සිටි කාන්තාවක් පලායාමේ සිද්ධියකට පොලිසියේ නිලධාරීන්ගේ වැඩ තහනම්

රැඳවුම් නියෝග මත ගල්කිස්ස මුලස්ථානය පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් පලා යාමේ සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ රාත්‍රී කාර්ය භාර නිලධාරිවරයා සහ උප සේවක ලෙස රාජකාරී කළ සැරයන්වරුන් දෙදෙනා සහ සැකකාරියගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරියක් බවයි.

මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායමක් විසින් අදාළ සැකකාරිය පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

රත්මලාන මැලිබන් හන්දිය අත්තිඩිය ප්‍රධාන මාර්ගයේ දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙහිදී ඇය සතුව හමුවූ හෙරොයින් ප්‍රමාණය මිලිග්‍රෑම් 36650ක් තිබී සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

අදාළ සැකකාරිය රැඳවුම් නියෝග මත ගල්කිස්ස පොලිස් ස්ථානයේ රඳවා සිටියදී පසුගිය 16 වනදා ශාරීරක අවශ්‍යතාවයක් ඇති බව පවසා කොස්තාපල්වරියක් සමඟ වැසිකිලියකට යාමේ දී ඇය අත්අඩංගුවෙන් මිදී මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක නැග පලා ගොස් තිබුණා.

කෙසේ නමුත් පලාගිය සැකකාරිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පැය 8කට පසු එදිනම තලවතුගොඩ කිඹුලාඇල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *