Loading...

පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීමේ දත්ත පද්ධතිය ක්‍රියා විරහිත වෙයි

පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන පොලිස් නිෂ්කාශන සහතිකපත් (Clearance Certificates) සම්බන්ධ දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශය මගින් මෙම සහතිකපත් නිකුත් කිරීම සිදුකරන අතර, ඊට අදාළ අයදුම්පත් භාරගැනීම, වාර්තා කැඳවීම සහ සහතික මුද්‍රණය කිරීම සිදුවන්නේ මෙම පරිගණක දත්ත පද්ධතිය හරහායි.

ඊයේ (20) දහවල් 12.50 සිට මෙම පද්ධතියේ හදිසි තාක්ෂණික දෝෂයක් හටගෙන ඇති බව පොලීසිය පවසනවා.

අක්‍රිය වූ පද්ධතිය නැවත යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කර ඇති අතර, මේ වනවිට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පියවර ගනිමින් පවතිනවා.

ඒ අනුව, අදාළ පද්ධතිය යථාවත් වන තෙක් පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තාක්ෂණික දෝෂය නිරාකරණය කර පද්ධතිය යථාවත් කළ වහාම නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *