Loading...

සැකකරුවෙකු යැයි සිතා පොලීසිය තරුණයෙක්ට පහර දීලා

සැකකරුවෙකුගේ රුව තමාගේ රුව සමඟ පටලවා ගනිමින් බොරැල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් තමාට පහර දුන් බවට දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයෙක් චෝදනා තිබෙනවා.

දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන පුද්ගලයෙක් මෙම සිද්ධියට මුහුණ පා ඇති බව වාර්තා වනවා.

දෙසැම්බර් 30 වනදා රාත්‍රියේ කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් සිදුවූ අතර ඉන් 16 හැවිරිදි දැරියකට තුවාල සිදු වුණා.

එම සිද්ධියට අදාළව පොලීසියට අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතමින් අතින් අඳින ලද සැකකරුවෙකුගේ සිතුවමක් ද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ලැබුවා.

එවැනි පසුබිමක දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන ළහිරු මධුශංක නැමැත්තා පසුගිය ජනවාරි පළමු වනදා කොළඹ පැමිණ සිය ව්‍යාපාරයට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන යාම සඳහා පැමිණ තිබුණා.

එදින රාත්‍රියේ ඔහු බේස්ලයින් මාවතේ පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිට ඇති අතර ඊට පසුදින උදෑසන කාලයේ එම නිවසට පොලිස් නිලධාරීන් පැමිණ තිබුණා.

පසුව ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලීසිය වෙත ගිය තමන්ට අදාළ සැකකරුගේ සිතුවම පෙන්වා පොලිස් නිලධාරීන් පහරදුන් බවට තරුණයා චෝදනා කර ඇති බව සඳහන්.

දින 2කට ආසන්න කාලයක් බොරැල්ල පොලීසියේ රඳවා සිටි මෙම තරුණයා පසුදා පස්වරුවේ දී නිදහස් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *