Loading...

සාමාන්‍ය පෙළ විභාගය ලියූ සිසුන් ගැන පොලීසිය අවධානයෙන්

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සිසුන් අතර විය හැකි කලහකාරී සිදුවීම් වැළැක්වීම සඳහා පොලීසිය විසින් ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා.

පසුගිය 17 වනදා ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දින අවසන් වීමට නියමිතයි.

මීට පෙර වසරවලදී ද සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතර විභාගය අවසන් වීමෙන් පසු කලහාකාරී සිදුවීම්වලට නැඹුරු වීමේ ප්‍රවණතාවක් පැවැතීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මුලස්ථානය පවසන්නේ.

පොලීසිය එම නිවේදනයෙන් දැනුම් දෙන්නේ දෙමව්පියන් ද සිය දරුවන් සම්බන්ධව අවධානය යොමු කර මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *