Loading...

පොල්ගස්ඕවිට ඩිලාට දින 90ක රැඳවුම් නියෝගයක්

අකුරේගොඩ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආයුධ ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නැමැත්තාව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඊයේ (20) අවසර ලබාගෙන තිබෙනවා.

28 හැවිරිදි පුද්ගලයෙක් වන ඔහු පසුගිය 17 වනදා පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

තලංගම අකුරේගොඩ දී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කර තිබුණා.

පසුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත් කරනු ලැබුවා.

මේ අනුව සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 16 වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනෙකු කොට්ටාවේ දී අත්අඩංගුවට ගැනුණා.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙහිදී සිදුකළ පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ අදාළ පුද්ගලයා දෙදෙනා ගිනිඅවි ප්‍රවාහනය කළ බවත් ඒ සඳහා මෙම පුද්ගලයාද එක්ව ඇති බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *