Loading...

පොදුජන පෙරමුණෙන් රනිල්ට තව සති දෙකක් කල් දෙයි

සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් 25 දෙනෙක් එක්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ලබාදී ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන 29 වනදා පෙර ආණ්ඩුව එම මන්ත්‍රීවරුන් පිරිස කැඳවා ගත යුතු බවයි.

අදාළ මන්ත්‍රීවරුන් ගණන කැඳවා ගතහොත් පමණක් පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට සහය ලබාදීමට හැකි බවද දැනුම් දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එම පක්ෂයේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අග සිදු කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *