ඉන්දියාවේ අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා.
සැකකරු අද (27) පෙරවරුවේ දිවයිනට රැගෙන ආ පසුව කටුනායක ගුවන් තොටුපොළින් පිටතට රැගෙන ගියා.
මේ අනුව ඉදිරි විමර්ශන සඳහා ඔහු මෙලෙස එම කොට්ඨාසය වෙත භාර දී ඇති බව සඳහන්.
2024 වසරේ අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව සැකකරු අතුරුදහන්ව සිටි අතර ඔහු ඉන්දියාවට පලා ගොස් ඇති බව පසුව වාර්තා වුණා.
සැකකරුට ඇප නියම කර තිබුණ ද ඊළඟ නඩු වාරය දක්වා එහිදී විදෙස් ගමන් තහනමක් ද අධිකරණය විසින් පැනවුණා.
ඊට අදාළ ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් පොඩි ලැසී ඉන්දියාව පලා ගොස් තිබුණා.
අනතුරුව ඔහු ඉන්දියාවේ මුම්බායි හිදී පසුගිය වසරේ ජනවාරි මසදී අත්අඩංගුවට පත්වූ අතර ඒ නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුල් වීමේ චෝදනා මතයි.








Leave a Reply