Loading...

මෙම වසර අගදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සැලසුම්

මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එමෙන්ම ලබන සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම GovPay ඔස්සේ පමණක් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද සඳහන් වනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී අමාත්‍යාංශ නිලධාරීන් විසින් මෙම කරුණු ජනාධිපතිවරයා හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.

2030 වසර වන විට මෙරට ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා වර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති රැසක ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කර ඇත.

ජනතාවට රජයේ සේවා ලබාගැනීම පහසු කිරීම සඳහා හඳුන්වා දී ඇති GovPay වැඩසටහන, National Super App, National QR Drive, National Data Exchange (NDX) සහ Number Portability ඇතුළු ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම, AI දත්ත මධ්‍යස්ථානය, GovTech Academy සහ රාජ්‍ය ඩිජිටල් ප්‍රසම්පාදන වේදිකාව ඇතුළු වැඩසටහන්වල ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව සඳහන්.

රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *