Loading...

පියුමි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණෙයි

ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.

මෙලෙස ඇය පැමිණ ඇත්තේ සැක සහිතව රුපියල් කෝටි ගණනක දේපළ උපයාගෙන ඇති බවට පැවසෙන පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පියුමි හංසමාලි,

“මට එන්න කියලා තියෙනවා කටඋත්තරයක් දෙන්න. ගිය සතියේ එන්න කිව්වේ නමුත් සෙනසුරාදා ලිපිය ලැබුණේ. තාමත් හදාගන්න බැරිවුණා ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා අපිට හදාගන්න ඕඩර්ස් 25,000ක් ගිහින් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවන් මගේ ක්‍රීම් පැක් එකක්ම 35,000ක් වගේ වෙනවා. ඒ අයට ගාණ හදලා බලන්න පුළුවන් පියුමි හංසමාලිට කොහෙන්ද සල්ලි ආවේ කියලා.

වැරදි කරලා නෑනේ බය නැතුව ආවා. වැරදි කරපු අයනේ බය වෙන්න ඕනේ. මම දෙයක් ඉගෙන ගෙන අහිංසක බිස්නස් එකක් කරන්නේ. බෑක් ස්ටේට්මන්ට් පොහොර බෑග් 5ක් වගේ තියෙනවා. අපි හැමදේම කළේ බැංකුව හරහා. මෙහෙම ප්‍රශ්න එයි කියලා හිතුවා.”

ප්‍රශ්ණය – ඔබ ලොකු ලොකු වාහන පදිනවා කියනවා?

මිනිස්සුන්ට ඉරිසියාව තියෙනවා. හොඳ වාහනයක් පදිනකොට නැති කෙනෙක්ට ඉරිසියායි. ලංකාවේ මිනිස්සු කොහොමත් කුහකයි. ඉතින් ලංකාවේ හැමෝම කුහක නෑ. මම ඉගෙන ගෙන දෙයක් කරලා බිස්නස් කරලා වාහනයක් ගන්න බැරි ද? මම හම්බ කරලා මට හොඳ වාහන ගන්න බැරිද ?”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *