Loading...

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් තුවාල ලැබූ ගුවන් නියමුවා මරුට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී ඊයේ (30) පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානයනේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වින්ග් කාමන්ඩර්වරයෙකු වූ ඔහු මාරවිල මුලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් තිබුණේ 41 හැවිරිදි වියේ පසුවූ ගුවන් නියමුවෙකි.

බෙල් 212 යානයක් මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දුන්නා.

එම යානය ආපදා හේතුවෙන් විපතට පත්ව සිටි ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය සහන සේවා ලබාදීමට අද (30) පෙරවරුවේ සිටම විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටියා.

එලෙස ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණා.

කෙසේ වෙතත් ආරක්‍ෂිත ගොඩබැස්විමක් සිදු කිරීමට ගිය ද පාලම මත ජනතාව රැඳී සිටීම හේතුවෙන් එය ව්‍යර්ථ වී තිබුණා.

මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් තවත් 4ක් මේ වන විට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *