Loading...

22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවයි

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා.

මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර ඇත.

එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා කටයුතු කරන අතර, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *