දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ 2025 වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45ට මෙවර පෙරහැරේදී ද නර්තනයේ යෙදීමට අවසර ලබාදී තිබෙනවා.
ඒ, අද (27) පස්වරුවේ මාතර දිසාපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණයකට අනුවයි.
මෙම සාකච්ඡාව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න ඇතුළු නිලධාරීන් ඊට එක්ව සිටියා.
එහිදී ගත් තවත් තීරණයක් ලෙස, හෙට (28) පැවැත්වෙන පෙරහැරේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක පොලිස් විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් යෙදවීමට ද තීරණය කර තිබෙනවා.






Leave a Reply